අංක 12 ගුවන් ආරක්‍ෂක පද්ධති ක‍්‍රියාකරු පාඨමාලාව නිමා වෙයි
මීරිගම ගුවන් හමුදා කඳුවරේ පිහිටා ඇති ගුවන් ආරක්‍ෂක අණ හා පාලන මධ්‍යස්ථානයේ පවත්වනු ලැබූ අංක 12 ගුවන් ආරක්‍ෂක පද්ධති ක‍්‍රියාකරු පාඨමාලාව 2018 මාර්තු මස 12 වන දින නිමාවට පත්විය. ගුවන් ආරක්‍ෂණ නියෝජ්‍ය නිළධාරී අණදෙන සහ මීරිගම ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල්පී දහනායක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව දින 30 ක කාලයක් පවත්වන ලද අතර මෙහෙයුම් ගුවන් වෘත්තියේ ගුවන් භටයින් 24 දෙනෙකු පමණ පාඨමාලාව හැදෑරූ අතර සියළු දෙනාම 70% ක පමණ සමස්ථ ලකුණු සාමාන්‍යයක් ලබා ගෙන පාඨමාලාව සාර්ථකව නිමා කරන ලදී.

පාඨමාලාවේ පළමුවන ස්ථානය නායක ගුවන් භට ප‍්‍රනාන්දු ජීබී  විසින් දිනාගනු ලැබූ අතර ඔහු පාඨමාලාවේ විශිෂ්ටයාට හිමි ගෞරව සම්මානයෙන්ද පිදුම් ලබන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි