ජාතික රෝහලේ අංක 74 වාට්ටුව අළුත්වැඩියා කෙරේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව කොළඹ ගුවන් හමුදා කඳවුර මගින් කොළඹ ජාතික රෝහලේ අංක 74 හදිසි අනතුරු වාට්ටුව අළුත්වැඩියා කිරීමේ වැඩසටහනක් පසුගියදා ක‍්‍රියාත්මක කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ අණුදැනුම යටතේ කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලදාඍි එයාර් කොමඩෝර් වරුණ ගුණවරධන විසින් මෙම අළුත්වැඩියා කිරීමේ වැඩසටහන මෙහෙයවන ලදී.

සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කරන ලද අංක 74 වාට්ටුව ජොතික රෝහල වෙත බාරදීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් 2018 මාර්තු මස 13 වන දින සිදු කරන ලද අතර එහිදී නව ටියුබ් බල්බ කට්ටල 25 ක් ප‍්‍රදානය කිරීමද සිදු කරන ලදී. වාට්ටුවේ ප‍්‍රථිකාර ලබන රෝගීන් හට වියලි ආහාර පාර්සල් බෙදා දීමද මෙහිදී සිදු කරන ලදී.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි