ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් මහ බැංකු පරිශ‍්‍රයේ ගිනි නිවාරණ සහ ජීවිත ගලවාගැනීමේ පුහුණු වැඩසටහනක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවාරණ හා මුදවා ගැනීමේ ඒකකයේ සහය ඇතිව ශී‍්‍ර ලංකා මහ බැංකුව පරිශයේ ගිනි නිවාරණ සහ ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහනක් 2018 මාර්තු මස 27 වන දින පවත්වන ලදී.

ගුවන් හමුදාවේ සේවා පුද්ගලයන් 29 දෙනෙකු මෙම ගිනි නිවාරණ සහ මුදවා ගැනීමේ අභ්‍යාස නිදර්ශනය සදහා සහභාගී වී සිටි අතර ප‍්‍රධාන ගිනි නිවාරණ නිළධාරී ගෲප් කැප්ටන් එම්පීඑස් මාරප්පෙරුමගේ අධීක්‍ෂණය යටතේ අභ්‍යාසය සිදු විය.

මෙම නිදර්ශනය සදහා ගිනි අනතුරකින් කිසියම් පුද්ගලයෙකු මුදවා ගැනීමේ විවිධ ක‍්‍රම කඹ මගින් ගලවා ගැනීමේ සහ ඉහල සිටිනා පුද්ගලයෙකු බේරා ගන්නා ආකාරය පිළිබද උපක‍්‍රම කිහිපයක් සමගින් ඉදිරිපත් කරන ලදී. මහබැංකු අධිපති දොස්තර ඉන්ද‍්‍රජිත් කුමාරස්වාමි මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි