රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍ෂාංගය සිය 27 වෙනි සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍ෂාංගය පසුගිය අපේ‍්‍රල් මස 02 වන දින සිය 27 වෙනි සංවත්සරය පක්‍ෂාංගයේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සමරන ලදී.

සංවත්සර දින සැමරුම් පෙළපාලිය කඳවුරු පෙළපාලි භූමියේදී  පවත්වන ලද අතර අනතුරුව සියළුම නිළයන්ගේ සහභාගීත්වයෙන් රත්මලාන පුරාණ විහාරය මූලික කරගනිමින් ශ‍්‍රමදානයක් හා බෝධි පූජා පිංකමක් පවත්වන ලදී. මෙම සියළුම කාර්යන් රත්මලාන කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍ෂාංගෙය් අනදෙන නිළධාරි ගෲප් කැප්ටන් පී එන් ප‍්‍රනාන්දු ගේ මෙහෙයවීම හා මගපෙන්වීම යටතේ සිදුකරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි