අංක 56 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය
අංක 56 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය 2018 අප‍්‍රියල් මස 06 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ශ‍්‍රවණාගාර ශාලාවේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාන්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඒ එම් ඩී සොයිසා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. මීට අමතරව ඉන්දීය සහ ශී‍්‍ර ලංකා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ ආරක්ෂක ඇකඩමි නියෝජිතයෝ පිරිසක්ද සහභාගීවී සිටියහ.
 
මෙම පාඨමාලාව සති 14 ක් පුරාවට පැවැත්වුනු අතර බළඝණයේ නායක නිළයේ සහ බලපන්ති ලුතිනන් නිළයේ නිලධාරීන් 27 දෙනෙකු සහභාගී විය. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නිළධාරීන් 22 ක්, ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මේජර් හා කැප්ටන් නිළයේ නිළධාරීන් 02 ක්, ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ලුතිනන් නිළයේ නිළධාරීන් 02 සහ බංග්ලාදේශ එක් නිළධාරියෙකු බැගින් මෙම පාඨමාලාව සදහා සහභාගී වී සිටියහ.

කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අනුමත කර ඇති අතර අවශ්‍ය සුදුසුකම් සපුරාලන නිළධාරීන් හට ආරක්ෂක කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා දීමට නියමිතය.

උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශේෂ සම්මාන ලබාගත් නිලධාරීන්ගේ නාම ලේඛණය ඉංගී‍්‍රසි පරිවර්ථනයේ බලන්න.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි