පලාලි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2018 අප‍්‍රියල් මස 06 වන දින පලාලි ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදී.

ගුවන් හමුදා පලාලි කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එස් ඩී ජයවීර විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර ගෞරව සම්මාන මුරයක්ද පවත්වන ලදී.

මෙහිදී කඳවුරේ අභිවෘද්ධිය වෙනුවෛන් කැපවී කි‍්‍රයාකල කෝප‍්‍රල් චමින්ද කුමාර එච් එම් හා සිවිල් සේවක කේ ඒ ටී ප‍්‍රනාන්දු යන අය ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලබන ලදී.

මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින්  කඳවුරේ සියළුම අංශයන් පරීක්ෂණයට ලක්කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි