නායක ගුවන් කාන්තා ගෝමස් බීඩීඑච් සිය පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා ලෝකඩ පදක්කම සමග යළි දිවයිනට
9:33am on Tuesday 17th April 2018
ඔිස්ටෙ‍්‍රිලියාව ගෝල්ඩ් කොස්ට් නුවර පැවත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රිඩා උළෙලේදී ශ‍්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කල ගුවන් හමුදා බර ඉසිලීමේ ක‍්‍රීඩිකා නායක ගුවන් කාන්තා ගෝමස් බීඩීඑච් සිය ජයග‍්‍රහණයෙන් අනතුරුව 2018 අපේ‍්‍රල් මස 11 වන දින බන්ඩාරණායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් යළි දිවයිනට පැමිණියාය.

නායක ගුවන් කාන්තා ගෝ්මස් තරඟ වැදුනු කි.ග‍්‍රෑ. 48 බර පන්තියේ බර ඉසිලීමේ තරඟයේ ඇය ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්කම් දැක්වූවාය. බර ඉසිලීමේ තරඟාවළිය 2018 අපේ‍්‍රල් මස 05 වන දින සිට 09 වන දින දක්වා පවත්වන ලදී.

නායක ගුවන් කාන්තා ගෝමස් වාද්දූව බාලිකා විද්‍යාලයේ සහ වාද්දූව ශාන්ත මරියා විද්‍යාලයෙන් දිවයිනට දායද කල ක‍්‍රිඩිකාවකි. ඇය 2012 මාර්තු මස 26 වන දින ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයට ඇතුළත් වූවාය. 2015 වසරේ සිට ඇය ජාතික ඉර ඉසිලීමේ තරඟාවළිය සහ ආරක්‍සක සේවා තරඟාවළිය සඳහා ගුවන් හමුදාව නියෝජනය කරමින් තරඟ කල අතර ඇය සිය කි. ග‍්‍රෑ. 48 බර පන්තියේ ජයග‍්‍රාහිකාවද විය. මීට අමතරව ඇය 2016 සහ 2017 වසරවලදී පොදුරාජ්‍ය මණ්ඩල තරඟාවළියේ ලෝකඩ පදක්කමේ හිමිකාරියද වෙයි.

අයිපී නන්දසේන මහතා ඇයගේ මූලික පුහුණුකරු වන අතර මේ වන විට ඇය ජාතික පුහුණුකරු ආර්බී වික‍්‍රමසිංහ මහතා යටතේ පුහුණුව ලබයි. එසේම ඇය කි. ග‍්‍රෑම්. 48 බර පන්තියේ ශ‍්‍රී ලංකා වාර්ථාවටද හිමිකම් කියනු ලබන අතර එය 2018 වසරේදී පිහිටුවන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි