
'ගැමි සූර්ය මංගල්‍ය' 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වාර්ෂිකව පවත්වනු ලබන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය මෙවර 'ගැමි සූර්ය මංගල්‍ය' 2018 නමින් කොළඹ ගුවන් හමුදා කඳවුර සමග එක්ව පසුගිය අපේ‍්‍රල් මස 19 වන දින රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ආරධනයට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සම්පාදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් උත්සවය ආරම්භ කරන ලදී.
ගැමි සූර්ය මංගල්‍ය ජන ක‍්‍රිීඩාවට මුල් තැනක් ලබා දෙමින් විවිධ ක‍්‍රීඩා අංග රැසකින් සමන්විත වූ අතර එහිදී 'කොට්ටා පොරය', 'කණා මුට්ටිය බිඳීම', 'කඹ ඇදීම' ආදී ක‍්‍රීඩා රැසක් පවත්වන ලදී. එසේම බක්මහ උළෙලක අලංකාරම අංගය වන අවුරුදු කුමාරයා සහ අවුරුදු කුමරිය තේරීමේ තරඟයද පවත්වන ලද අතර එහිදී ඒකල වෘතීය පුහුණු පාසලේ ගුවන්භට ගුණසේකර කේ ඒ ඩි එස් හා ගුවන් හමුදා කොළඔ කඳවුරේ ගුවන් කාන්තා සිල්වා ජීඩීඒ අවුරුදු කුමාරයාට සහ අවුරුදු කුමරියට හිමි කිරුල දිනාගන්නා ලදී.
ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ එම මහත්මීන් ගුවන් හමුදා නිළධාරීන් සෙසු නිළයන්ල සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ එම පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


























































SLAF Aluth Avurudu Celebrations