මුලතිව් ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පසුගිය 2018 මැයි මස 04 වන දින මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි තම වාර්ෂික පරීක්‍ෂණය සිදුකරන ලදී.
කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල් ඩී ආර් පී ගුණවර්ධන විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුර වෙත පිළිගනු ලැබූ අතර ගුවන් හමුදාධිපති සම්මාන පිරිනමනු ලැබු මාර්ග පෙල ඛණ්ඩය සඳහා ෆ්ලයින් ලෙෆ්ටිනන් ඩබ්ලිව් පී පී එම් පෙරේරා විසින් අණදෙන ලදි. මෙහිදී කෝප‍්‍රල් බුද්ධික එච් ඩී ජී කඳවුර වෙනුවෙන් සිදුකරන ලද සේවය වෙනුවෙන් ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
පරීකෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියලුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී. එහිදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර සූදානම් කිරීම සම්බන්ධයෙන් සියළුම කඳවුරු සාමාජික සමාජිකාවන්ට තුති පළකරන ලදී.