ආරක්ෂක සේවා ගොල්ෆ් ශූරතාව ගුවන් හමුදාවට
නුවරඑලිය ගොල්ෆ් පිටියේදී පසුගිය මැයි මස 08 වන දින පැවති ආරක්ෂක සේවා ගොල්ෆ් ශූරතාව මෙවර තමන්  සතුකර ගැනිමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමත් විය. එහි අනුශූරතාවය ශ‍්‍රී ලංකා යුධ හමුදාව දිනාගන්නා ලදී.

මෙවර ශූරතාව සඳහා යුධ, නාවික හා ගුවන් හමුදාවන්හි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් සහභාගි විය.ගුවන් හමුදාව නියෝජනය කරමින් එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරන, එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙනිය, එයාර් කොමඩෝර් ප‍්‍රසන්න රණසිංහ, නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක් ද  සහභාගීවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි