මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් කැළණිය රජමහා විහාරස්ථානයේදී ආලෝක පූජාවක්
දේශයේ ස්වෛරීත්වය උදෙසා තම දිවි පරිත්‍යාග කල විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් කැළණිය පුරාණ රජමහා විහාරස්ථානයේදී සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආලෝක පූජාවක් පවත්වන ලදී. මෙහිදී පහන් 28619 ක් ආලෝකමත් කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ගුවන් හමුදා අද්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සහ සෙසු නිලයන් සහ දිවිපිදූ රණවිරුවන් ගේ ඥාතීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි