අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය 53 වන සංවත්සරය සමරයි
අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය 53 වන සංවත්සරය පසුගිය ජූනි මස 01 වන දින සමරන ලදී. මෙයට සමගාමීව මැයි මස 26 වන දින පුණ්‍ය වැඩසටහනක් ක‍්‍රියාත්මක කල අතර ඒ "සර්වෝදය සුව සෙත" ළමා නිවාසය මූලික කරගනිමිනි. එහිදී ළමා නිවාසයේ අළුත් වැඩියා කටයුතු සිදුකරණ ලද අතර දරුවන් උදෙසා උදෑසන ආහාරය හා ත්‍යාග පාර්සල් ප‍්‍රධානය කිරීමක් ද මැයි මස 31 දින සිදුකරණ ලදී.

අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් කේ ඒ ඩී ඒ සී  කුරුවිට විසින් සැමරුම් දින  පෙළපාලිය නිරීක්ෂණය කරන ලද අතර අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලඝණය වසර 53 ක් පුරාවට දේශය වෙනුවෙන් බලලඝනයේ සාමාජික සාමාජිකාවන් දැක්වූ දායකත්වය අණදෙන නිළධාරීතුමන් විසින් ඇගයීමට ලක්කෙරිණි.

මෙයට සමගාමීව සංවිධානය කරණු ලැබූ සුහද එල්ලේ තරගාවලියක් එදින පැවැත්වූ අතර බලලඝනයේ සාමාජික සාමාජිකාවන් මේ සදහා සහභාගී විය. රත්මලාන මූලික කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් රවීන්ද්‍ර ලියනගමගේ මහතා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි