මධ්‍යම අපි‍්‍රකාවේ සාම සාධක රාජකාරීන්හි නිරත එම්අයි 17 හෙලිකොප්ටර් යානා ආදේශනය කෙරේ
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා එම්අයි 17 හෙලිකොප්ටර් යානාවන්හි දෙවන ආදේශනය කිරීම පසුගිය 2018 මැයි මස 30 සිට ජූනි මස 02 වන දින දක්වා සිදු කරන ලද අතර මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඒඑන්-124 ප‍්‍රවාහන ගුවන් යානාවක් ආධාරයෙන් සිදු කරන ලදී.
මෙම හෙලිකොප්ටර් යානාවන් දෙක 2014 වසරේ සිට මධ්‍යම අපි‍්‍රකාවේ සාම සාධක රාජකාරීන් සඳහා යොදා ගනු ලැබූ අතර නියමිත රාජකාරී කාලසීමාවෙන් අනතුරුව මෙම ආදේශනය කිරීම සිදු කරන ලදී. මෙම හෙලිකොප්ටර් ආදේශනය කිරීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් අංශය විසින් සම්බන්ධිකරණය කරන ලද අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන් ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂකතුමන් ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂකතුමන් හා සැපයුම් අධ්‍යක්‍ෂකතුමන් ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.