කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සිය 15 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු සිවිල් ඉංජිනේරු පක්ෂාංගය (CEW) 2018 ජූනි මස 13 වන දින සිය 15 වන සංවත්සරය සමරන ලදි.
සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය මේ වන විට සිවිල් ඉංජිනේරු නිළධාරීන් 19 දෙනෙකුගෙන්ද, සිවිල් ඉංජිනේරූ වෘත්තීන්හි මනා පුහුණව ලත් ගුවන් භටයින් 1487 දෙනෙකුගෙන්ද සමන්විත වෙයි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය විසින් සැලසුම් කරනු ලබන පරිදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සියළුම ඉදිකිරීම් සහ නැවත ගොඩනැගීමේ කටයුතු සියල්ලක්ම සිවිල් ඉංජිේනරු පක්‍ෂාංගය මගින් සිදු කරනු ලබයි.
සංවත්සර සැමරුම් දින ආරම්භ කරමින් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්බීසීඩී මුතුතන්ති‍්‍ර විසින් සියළු දෙන අමතන ලද අතර පසුව පක්‍ෂාංගයේ සියළුම නිළයන්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් අත්පන්දු තරඟාවළියක් කඳවුරු ක‍්‍රීඩාංගනයේදී පවත්වන ලදී.
සංවත්සර දිනයට සමගාමීව ජූනි මස 07 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු රෝහල් පරිශ‍්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක්ද පවත්වන ලදී. ඒ සඳහා 161 පමණ ලේ දන්දීම සඳහා ඉදිරිපත් වූහ. මෙම ලේ දන්දීමේ වැඩසටහන කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංය, කටුනායක ගුවන් හමුදා කඳවුරු රෝහල, මීගමුව මහ රෝහල හා රාගම මහ රෝහල එක්ව සංවිධානය කරන ලදි.