2018 IPSC විවෘත වෙඩි තැබිමේ ශූරතාවයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශිෂ්ඨ දස්කම්
11:12am on Wednesday 20th June 2018
ශ‍්‍රී ලංකාවේ ජ්‍යාතන්තර ප‍්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය මගින් සංවිධානය කරණ ලද 2018  IPSC විවෘත වෙඩි තැබිමේ ශූරතාව 2018 ජූනි මස 14 සිට 17 දක්වා ශ‍්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුරු වෙඩිපිටියේදී පැවැත්විණි. වෙඩිතැබීමේ කණ්ඩායම් 07 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 154 කට අධික සංඛ්‍යාවක් සහභාගීවූ මෙම තරඟාවලිය සදහා යුධ, නාවික හා පොලිස් යන කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක්ද සහභාගී විය. මෙහිදී ගුවන් හමුදාව නියෝජනය කරමිින් ක‍්‍රීඩකයින් 10 ක් හා ක‍්‍රීඩිකාවන් 10 ක් ද සහභාගී වූ මෙම තරඟය IPSC වර්ගීකරණයේ මෙම වසරේ ජාත්‍යන්තර තරග නියෝජනය කිරීමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තේරීම් තරඟයක් වශයෙන්ද පැවැත්වුණි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි