ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 2018 -2020 'ආයතනික සැලසුම' මුල් පිටපත ගුවන් හමුදාධිපතිතුමන් හට පිළිගැන්වේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 2018 -2020 'ආයතනික සැලසුම' මුල් පිටපත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හට පිළිගැන්වීම 2018 ජූනි මස 18 වන දින ආයතනික සැලසුම් කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හා එම කමිටු සාමාජිකයින් විසින් සිදුකරණ ලදී.
නව ආයතනික සැලසුම සඳහා 2018 හා 2020 කාල වකවානුව තුල සපුරාගතහැකි ඉලක්කයන් හා අරමුණු, මූල්‍යමය සැලසුම්, සැලසුම් ක‍්‍රියාත්මක කිරීම් යනාදී බොහෝ කරුණු ඇතුලත් කර ඇත. රජය විසින් ගුවන් හමුදාව වෙත පවරා ඇති රාජකාරීන් හා ක‍්‍රියාකාරකම් අනුව මෙම ආයතනික සැලසුම සකස්කොට ඇත.