දකුණු සුඩානයේ (UNMISS) සාම සාධක රාජකාරීන් සදහා පිටත්ව යන ගුවන් හමුදා සිව්වන ආදේශන හෙලිකොප්ටර් බලඝණය විසිර යයි
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හෙලිකොප්ටර් බලඝණයට අනුයුක්ත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්ව යන සිව්වන කණ්ඩායම 2018 ජූනි මස 19 දින ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේදී විසිර යන ලදී.
මෙම විසිර ගිය බලඝණය සඳහා ගුවන් නියමුවන් 10 ක්ද ඇතුළු නිළධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිළයන් 85 දෙනෙකුගෙන් සමන්විත වෙයි.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසිරයාමේ පෙළපාලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර මෙම බලඝණයේ අණ දෙන්නා ලෙස විංග් කමාණ්ඩර් කේඒම්එස්පීබී කුලතුංග කටයුතු කරනු ලබයි.
ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩීඑල්එස් ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙන්ම ගුවන් හමුදා නිළධාරින් ඇතුළු සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමජිකාවන් විශාල පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගි වූහ.