රත්මලාන ගුවන් හමුදා කදවුරේදී කාන්තා අයිතිවාසිකම් පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්
විධායක නීති අංශය හා ගුවන් කාන්තා පක්ෂාංගය එක්ව සංවිධානය කරන ලද කාන්තා අයිතින් පිළිබදව දැනුවත් කිරිමේ වැඩමුළුවක්  ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන මුලික කදවුරෙහිදී පැවැත්විණි. මෙම වැඩමළුව සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ, වීරවිල, රත්මලාන, කොග්ගල සහ කටුකුරුන්ද යන කදවුරු නියෝජනය කරමින් එකසිය විස්සට අධික නිළධාරිනියන් සහ ගුවන් කාන්තාවන් පිරිසක් සහභාගි වූහ.

මෙම වැඩමළුව සදහා ආරාධිත දේශකයින් ලෙස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා සහකාර පොලිස් අධිකාරි බිමිශානි ජසිනාරචිචි සහ උප පොලිස් පරික්ෂක පි‍්‍රයංකා බණ්ඩාර යන මහත්මින් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි