ක‍්‍රීඩා හුවමාර වැඩසටහන් සුහද කබඩි තරඟාවළියේ ජය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට
4:19pm on Saturday 30th June 2018
ක‍්‍රීඩා හුවමාර වැඩසටහන යටතේ පාකිස්ථාන ගුවන් හමුදා කබඩි කණ්ඩායම සමග පැවති සුහද කබඩි තරඟාවළියේ ජය හිමිකරගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කබඩි කණ්ඩායම පසුගියදා සමත්කම් දක්වන ලදී. තරගාවලිය කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදි පැවැත්විණි. මෙම තරගාවලිය සදහා ප‍්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා සහභාගි විය.  

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ පාකිස්ථාන ගුවන් හමුදාව අතර ක‍්‍රිඩා දැනුම් හුවමාරු වැඩසටහන යටතේ පාකිස්ථාන ගුවන් හමුදා කබඩි කණ්ඩායම සුහද කබඩි තරඟාවළියක් සදහා ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත විය. තරඟ තුනකින් සමන්විත වූ තරඟාවළියේ පළමු තරඟය කටුනායක ගුවන් හමුදා කදවුරේදී පවත්වනු ලැබූ අතර එහි ජය 47 -27 ක් ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිනා ගන්නා ලදී. කෙසේ වෙතත් කටුනායක ගුවන් හමුදා කදවුරු ගෘහස්ත ක‍්‍රීඩාගාරයේ පැවති තරඟාවළියේ දෙවන තරඟය 38 -35 ක් ලෙස ජයග‍්‍රහණය කරන්නට පාකිස්ථාන ගුවන් හමුදා කණ්ඩායම සමත්කම් දක්නවනු ලැබුවත් තීරණාත්මක සහ අවසන් තරඟයේදී 30 -20 ක් ලෙස තරඟය ජය ගනිම්න් තරඟාවළියේ ජය තමන් සතු කරගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කබඩි කන්ඩායම සමත්කම් දක්වන ලදී.

සංචාරක පාකිස්ථාන ගුවන් හමුදා කබඩි කණ්ඩායම සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එහි ප‍්‍රධානියා වශයෙන් පාකිස්ථාන ගුවන් හමුදා ක‍්‍රීඩා අධක්‍ෂක එයාර් කොමඩෝර් අමීර් නවාස් මහතා කටයුතු කරන ලදී. මෙම තරඟාවළිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ පාකිස්ථාන ගුවන් හමුදාව අතර ක‍්‍රීඩා හුවමාරු වඩසටහන යටතේ පවත්වන ලද දෙවන ක‍්‍රීඩා තරඟාවළිය වෙයි.

මෙම සුවිශේෂී අවස්ථාව සිහිගන්වනු වස් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් සහ සංචාරක පාකිස්ථාන ගුවන් හමුදා කන්ඩායම් ප‍්‍රධානී තුමන් අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදුකරන ලදී.

ශි‍්‍රලංකා ගුවන් හමුදා මාණඩලික ප‍්‍රධානි එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය , පාකිස්ථානු මහ කොමසාරිස් කාර්්‍යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩි අලි සහ ශි‍්‍ර ලංකා ගුවන් හමුදා නිළධාරින් සහ සෙසු නිලයන් මෙම අවස්ථාව සදහා සහභාගි විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි