ශී‍්‍ර ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්තුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශී‍්‍ර ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් අතිගරු ඩේවිඩ් මැක්කිනන් මහතා හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතර සුහද හමුවක් පසුගිය 2018 ජූනි මස 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සිදු කරන ලදී. මහකොමසාරිස්තුමන් ගුවන් හමුදා මූලස්ථානය වෙත කැඳවාගෙන ඒම නව දිල්ලියේ කැනේඩියානු ආරක්‍ෂක උපදේශක කර්නල් මයිකල් ජ්. ඒ. හෝගන් විසින් සිදු කරන ලදී.

දෙපාර්ශවය අතර සුහද කතාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු ඵලක හවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි