ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය සිය 12 වන සංවත්සරය සමරයි
මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය  සිය 12 වන සංවත්සරය 2018 ජූලි මස 01 වන දින සමරන ලදී.

ඒකකයේ සියලුම සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් සංවත්සර සමරුම් දින  වැඩ පෙළපාලිය අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පී සී දිසානායක විසින් පරීක්ෂණයට ලක් කරණ ලදී. එදින කඳවුරේ සියලු සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ක‍්‍රිකට් තරගයක් හා දිවා ආහාරයක් සංවිධානය කර තිබුණි.

සංවත්සර වැඩසටහන් මාලාව යටතේ 2018 ජූනි මස 28 වැනි දින ශ්‍රමදාන ව්‍යාපාරයක් හා දානමය පිංකමක් මීරිගම, කළුගල්ල, කිතුල්වල ආරණ්‍ය සේනාසනයේදී  පවත්වන ලදී.   

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි