ආරක්‍ෂක සේවා ක‍්‍රිකට් තරඟාවළිය 2018
2018 ආරක්‍ෂක සේවා ක‍්‍රිකට් තරඟාවළිය 2018 මැයි මස 03 වන දින සිට 2018 ජූනි මස 30 වන දින දක්වා පැවැත්විණි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම් මෙවර ආරක්‍සක සේවා තරඟාවළියේදී ඉතා ඉහළ දක්‍ෂතාවයන් පෙන්නුම් කරන ලද අතර එහිදී පිරිමි කණ්ඩායම ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමගින් සම ශූරතාවය දිනා ගන්නා ලදී. ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම විසින් තරඟාවළියේ අනුශූරතාවය දිනා ගන්නා ලදී.

ත්‍යාග සහ සහතික පත් ප‍්‍රදානය වැලිසර නාවික හමුදා ක‍්‍රිඩාංගනයේදී පවත්වන ලද අතර එම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් කාරියකරවන සහභාගී විය. ත‍්‍රිවිධ හමුදා නිලධාරීන්, කණ්ඩායම් කළමණාකරුවන්, සෙසු නිලයන් සහ ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි