අන්තර් ඒකක බේස්බෝල් තරඟාවළිය 2018
3:46pm on Tuesday 3rd July 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බේස්බෝල් තරඟාවළිය පසුගිය 2018 ජූනි මස 18 වන දින සිට 2018 ජූලි මස 02 වන දින දක්වා ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ක‍්‍රිඩාංගනයේදී පවත්වන ලදී. එක් එක් කඳවුරු නියෝජනය කරමින් කණ්ඩායම් 11 ක් මෙවර තරඟාවළිය සඳහා තරඟ වැදුණු අතර තරඟාවළිය අතිශය තියුණු මුහුණුවරක් ගන්නා ලදී.

තරඟාවළියේ මූලික වටයේ තරඟ ජූනි මස 18 වන දින සිට ජූනි මස 25 වන දින දක්වා  පවත්වන ලද අතර අවසන් මහා තරඟය ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම් අතර ජූලිමස 02 වන දින පවත්වන ලදී. එහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර ශූරතාවය දිනාගනු ලැබූ අතර ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් කඳවුර අනුශූරතාවය දිනා ගන්නා ලදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සේනක ප‍්‍රනාන්දුපුල්ලේ, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් කඳවුරැ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා, ගුවන් හමුදා බේස් බෝල් සංචිතයේ සභාපති සුජීවන් සේනාරත්න, ගුවන් හමුදා බේස් බෝල් සංචිත ලේකම් විංග් කමාන්ඩර් චන්දිම හෙට්ටිආරච්චි, අනෙකුත් නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් අවසන් මහා තරඟනැරඹීම සඳහා එක්ව සිටියහ.

තරඟාවළියේ සහතික පත් ප‍්‍රදානය එදින සවස ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ පාපන්දු සහ හොකී ක‍්‍රිඩාංගණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවත් සමග ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් සිදු කරන ලදී. ප්‍රධාන ආරාධීත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ශූරතාවය සහ අනුශූරතාවය සඳහා කුසලාන ප‍්‍රදානය සිදු කරන ලද අතර ශ‍්‍රී ලංකා ආධුනික බේස් බෝල් සංගමයේ සභාපති ෆයිසාල් හුසේන් මහතා ගරු ආරාධිත අමුත්තෙකු වශයෙන් විශේෂ සම්මාන ප‍්‍රදානය කරන ලදී.

විශේෂ සම්මාන

දක්‍ෂතම පන්දු රකින්නා
ගුවන් භට මුදිත කුමාර බීඒඑෆ් - ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල

දක්‍ෂතම පන්දුවට පහර දෙන්නා
නායක ගුවන් භට උඩුමලලාව යූඒබීපී  - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර

දක්‍ෂතම පන්දු යොමු කරන්නා
නායක ගුවන් භට ද සිල්වා කේජීකේජේ  - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර

වටිනාම ක‍්‍රිඩකයා
නායක ගුවන් භට බණ්ඩාර එම්එන්එස්  - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි