ආරක්ෂක සේවා බර ඉසිලීමේ ශුරතාවය ගුවන් හමුදාවට
ආරකෂක සේවා තරගාවලියේ බර ඉසිලීමේ තරග පසුගියදා (23) පනාගොඩ යුධ හමුදා කඳවුරේදී පැවැත්විණි. එහිදී ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අනෙකුත් සේවාවන් අභිබවා යමින් එහි ශූරතාවන් දිනා ගැනීමට සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩක කමල් බන්ඩාර සහ ගුවන් හමුදා ක්‍රීඩිකා පේදුරු ආර්ච්චි තරගාවලියේ හොඳම කන්තා හා පිරිමි බර ඔසවන්නන් ලෙසින් නම් කරන ලදී.

මෙහිදී ලබා ගත් ලකුණු තත්වය මෙසේය....

පිරිමි

ගුවන් හමුදා කණ්ඩායම - ලකුණු 32
නාවික හමුදා කණ්ඩායම - ලකුණු 20
යුධ හමුදා කණ්ඩායම - ලකුණු 19

කාන්තා

ගුවන් හමුදා කණ්ඩායම - ලකුණු 28
නාවික හමුදා කණ්ඩායම - ලකුණු 25
යුධ හමුදා කණ්ඩායම - ලකුණු 02
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි