ලෝඩ් මාස්ටර් නිළ ලාංඡන ප‍්‍රදානය කිරීම
අංක 16 හා 17 මූලික ලෝඩ් මාස්ටර් පාඨමාලාවන් සාර්ථකව නිම කරන  ලද  නිළධාරීන් දෙදෙනෙකු සහ ගුවන් භටයින් දෙදෙනෙකු හට නිළ ලාංඡන ප‍්‍රදානය කිරීමක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පසුගිය ජූනි  මස 04 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

 ඔවුන් විසින් ඒඑන් 32බී ගුවන් යානයේ සහ එම්අයි 17 හෙලිකොප්ටර් යානයන් ආශ්‍රිතව මෙම පාඨමාලාව හදාරන ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය සහ මාණ්ඩලික නිළධාරී සැපයුම් i ගෲප් කැප්ටන් පමින්ද ජයවර්ධන ද මෙම අවස්ථාවට සහභාගි විය.

ගුවන් හමුදාධිපති තුමන් අතින් ලෝඩ් මාස්ටර් නිළ ලාංඡන ලැබූවන්

ස්කොඩ්රන් ලිඩර් ඩබිලිව් ආර් එම් ඒ පී ටී විජේසුන්දර
ෆ්ලයිට් ෙලෆ්ටිනන් ඩබිලිව් එම් බී ආර් බන්ඩාර
කෝප‍්‍රල් කරුණාරත්න ඒ ජී එන් කේ
කෝප‍්‍රල් ධනුෂ්ක ඒ සී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි