ලකඹර සුරැකි විරුවන් සදා සමරමු
ලකඹර සුරකිමින් තම දේශය වෙනුවෙන් දිවිපිදූ අභීත ගුවන් විරුවන් අනුස්මරණය කිරිම වෙනුවෙන් ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබු ගුවන් විරුවන් අනුස්මරණය කිරිෙමි පිංකමි මාලාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා ඒකල කඳවුරු පරිශ‍්‍රයේ පැවැත්වින.

මෙහිදි ගුවන් හමුදාෙවි මියගිය, අතුරුදහන් වු හා අබාධිත තත්වයට පත්වු මෙන්ම දැනට සක‍්‍රිය සේවයේ නියුතු සියළුම ගුවන් විරුවන්ට සෙත්පතා සර්ව රාත‍්‍රික පරිත්ත‍්‍රාන ධර්මදේශනයක් 2018 ජුලි 03 වන දින රාත‍්‍රි පැවැත්වු අතර අමරපුර මහ නිකායේ මහා නායක ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කිර්ති ශි‍්‍ර ති‍්‍රපිටක විශාරද අග‍්‍රමහා පණ්ඩිත කොටුගොඩ ධමිමාවාස ස්වාමින්ද්‍රයානන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝ රත්නය උදෙසා සපිරිකර සංඝගත දකෂිණාව 2018 ජුලි 04 වන දින පැවැත් වින.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරි තුමන්, ගුවන් හමුදා අධ්‍යෂක මණ්ඩලයේ නිළධාරින්, ඒකළ ගුවන් හමුදා කදවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ජුඩි පෙරේරා, ඇතුළු ගුවන් හමුදා නිළධාරින් මෙන්ම සෙසු නිළයන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සමාජිකාවන් විශාල පිරිසක් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි