අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි
12:45pm on Wednesday 11th July 2018
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 03 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 74 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතික පත් ප්රදානය කිරීම 2018 ජූනි මස 06 වන දින ගුවන් හමුදා ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම් ඩී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
ත්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ හඬ අධ්‍යයන හා කළමනාකරණ දැනුම ලබා දීම සහ නායකත්ව ගුණාංග වැඩිදියිණු කිරීම මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වෙයි. පාඨමාලාව සති 11 ක පමණ කාලයක් පුරා පවත්වන ලදී. මෙම පාඨමාලාවන් ද්විත්වයම රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පවත්වන ලද අතර පාඨමාලාව අවසානයේ අවශ්‍ය සුදුසුකම් සපුරාලන කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් හට කළමනාකරණ සහතික පත්‍රයක් ප්රදානය කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 38 දෙනෙකුල කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 49 දෙනෙකුල ශ්‍රී ලංකා යුධ හමුදාවේ කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 02 දෙනෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 02 දෙනෙකු ගෙන් මෙම පාඨමාලාවන් සමන්විත විය. මෙහිදී 88 දෙනෙකු හට සහතික පත් ප්රදානය කරන ලදී.
අංක 03 ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂතම ශිෂ්‍යයා වශයෙන් කෝප්රල් මදුරාවේ පී බී සම්මාන හිමිකර ගත් අතර අංක 74 සිංහල මාධ්‍ය පාඨමාලාවේ සැරයන් කුමාර එම් ඩබ්ලිව් එස් ජේ සහ කෝප්රල් ජයවර්ධන කේ ඒ එස් එස් පිළිවෙලින් සෑම අතින්ම දක්ෂ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් ලෙස සම්මාන දිනා ගන්නා ලදී.