සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ සිව්වන පාඨමාලාව අවසන් වෙයි
 සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන්  සම්පූර්ණ කිරීමේ පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2018 ජූනි මස 07 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් හෙලිටුවර්ස් පුහුණුවීම් මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.

මෙම පාඨමාලාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන අතර  ඒ මගින් සමාජ සදාචාරය, සන්නිවේදන කලාව, රූපලාවන්‍ය ශිල්පය, පෝෂණය සහ පෞද්ගලික ස්වස්ථතාව,  නැටුම්, ඉවුම් පිහුම් ක‍්‍රම හා ඇදුම් මැසීම ආදි අංශ ගනනාවක් ආවර්ණය කරණු ලබයි..

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිී, අනෝමා ජයම්පති මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූවාය. එහිදී එතුමිය විසින් පාඨමාලාව හැදෑරූ සිසුවියන්ට සහ උපදේශකයින් හට සහතික පත් සහ ත්‍යාග ප‍්‍රදානය කිරීම සිදු කරන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු හා සේවයෙන් විශ‍්‍රාම ගන්නා ලද සේවා පුද්ගලයන්ගේ පාසල් අධ්‍යාපනය අවසන් කල සිසුවියන් ඇතුළු නිළධාරිණියන් 04 දෙනෙකු සහ ගුවන් කාන්තාවන් 11 දෙනෙකුගෙන් සමන්විතව 18 දෙනෙකු විසින් පාඨමාලාව අවසන් කර සහතික පත් ලබා ගන්නා ලදී.

ගුවන් හමුදා  සුභ සාධක අධ්‍යක්‍ෂිකා එයාර් කොමඩෝර් පී ඩී ඒ මාරිස්ටෙලා, ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිසුවියන් මෙම අවස්වට සහභාගී වූහ.

මේ සඳහා ගුවන් හමුදා සේවයේ නියුතු සහ සේවයෙන් විශ‍්‍රාම ගන්නා ලද සේවා පුද්ගලයන්ගේ අ පො ස සාමාන්‍ය පෙළ විභාගය සහ අ පො ස උසස් පෙළ විභාගයන් සම්පූර්ණ කළ දුවණියන් හට අයදුම් කල හැකි අතර සේවා පුද්ගලයින්ගේ නව විවාහක බිරින්දෑවරුන්, නිළධාරිණියන්, ගුවන් කාන්තාවන් හා ගාස්තුවකට යටත්ව  සිවිල් කාන්තාවන් සීමිත ගනනකට අයදුම් කළ හැකිවේ.

වැඩි විස්තර සඳහා අමතන්න.

ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා 0772229117
විංග් කමාන්ඩ ඒ ඒ එස් එස් එන් පීරිස්  0772229375
ස්කොඩ්රන් ලීඩර් චාමිනී ගමගේ 0772229283

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි