සුහද පාපන්දු තරඟාවලියේ ජය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට
12:18pm on Tuesday 17th July 2018
බංගලාදේශ හා ශී‍්‍ර ලංකා, ගුවන් හමුදාවන් අතර පැවති සුහද පාපන්දු තරඟාවලියේ ජය තමන් සතුකර ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කන්ඩායම සමත් වූයේ 2018 ජූලි මස 12 වන දින ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසැල් ක‍්‍රිඩා පිටියේ පැවැති තෙවන තරඟය ජය ගැනීමෙන් අනතුරුවයි.

ජූලි මස 08 වන දින ඒකල වෘතීය පුහුණු පාසැල් ක‍්‍රිඩා පිටියේ පැවැති පළමු තරඟය කන්ඩායම් දෙකම එක් ගොලය බැගින් ලබා ජය පරාජයකින් තොර විය.

දෙවන තරඟය ජූලි මස 10 වන දින කොළඹ කදවුරු රයිෆල් ග‍්‍රීන් පිටියේදී පැවති අතර එහිදී ද  කන්ඩායම් දෙකම ගොල දෙක බැගින් ලබා ජය පරාජයකින් තොර විය. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් ඇතුළු ගුවන් හමුදා නිළධාරින් සහ සෙසු නිළයන් ඇතුළු ක‍්‍රීඩා ලෝලින්  පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

 අවසාන තරඟය ජූලි මස 12 වන දින ඒකල වෘතීය පුහුණු පාසැල් ක‍්‍රිඩා පිටියේ දී පැවැති අතර  එහිදී ගෝල 1-0 ලෙස බංගලාදේශ ගුවන් හමුදා කන්ඩායම පරාජය කිරීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කන්ඩායම සමත් විය.

බංගලාදේශ ගුවන් හමුදා හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අතර සුහද තාව වර්ධනය කිරීමේ අරමණින් සිදුවූ මෙම සංචාරය දෙරට ගුවන් හමුදාවන්  අතර සිදුවූ  පළමු සංචාරය වශයෙන් ඉතිහාස ගතවනු ඇත.

පළමු තරගය



දෙවන තරගය



අවසන් තරගය



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි