
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ප‍්‍රදර්ශනය හා සැණකෙලිය විවෘත කෙරේ
ශි‍්‍ර ලංකා ගුවන් හමුදා ප‍්‍රදර්ශනය හා සැණකෙලිය (Mini Tattoo 2018) ගුවන්හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2018 ජුලි මස 20 වන දින වීරවිල ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී අභිමානවත් අයුරින් විවෘත විය.
මෙම ප‍්‍රදර්ශනයේදි ගුවන් කරනම් හා ගුවන් සංදර්ශණ, රෙජිමෙින්තු විශේෂ බලකාභටයන් ගේ ගුවන් යානා මගින් සිදු කරන මුදවා ගැනිම් සජීවී සංදර්ශණ, පැරෂුට් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, සරඹ සහ තූර්ය වාදන සංදර්ශන, ප‍්‍රදර්ශන කුටිලවෙළඳ කුටි සහ රාත‍්‍රි සංගීත සංදර්ශණ ඇතුළු අංගයන් රැසක් ගුවන් හමුදා වීරවිල කදවුරු පරිශ‍්‍රයේදි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සියළු කටයුතු සංවිධානය ඇති අතර තෙදින පුරාවටම පස්වරු 0200 සිට රත‍්‍රි 1100 දක්වා මහජනතාව වෙනුවෙන් මෙම ප‍්‍රදර්ශන හා සැණකෙළිය විවෘතව පවති.
මෙම ප‍්‍රදර්ශනය හා සැණකෙලිය විවෘත කිරිමේ අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු ගුවන් හමුදා අධක්‍ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම විරවිල ගුවන් හමුදා කදවුරු අණදෙන නිළධාරි ගෘප් කැප්ටන් අශෝක වරකාංග ඇතුළු ගුවන් හමුදා නිළධාරින්, සෙසුනිළයන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවිය.























































