ගුවන් විරුවන් අනුස්මරණය කිරීමේ හින්දු ආගමික පුජෝත්සවය 2018
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ හින්දු ආගමික පුජෝත්සවය, 2018 ජුලි මස 25 වන දින උදෑසන 0830 පැයට කොළඹ 10 කැප්ටන් ගාර්ඩන් ශ‍්‍රී කයිලාසනාදර් ස්වාමි කෝවිලේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම හින්දු ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය ගුවන් හමුදා සාමාජිකයින් සිහිකිරීම, සක‍්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිමද සිදු විය.

මෙම පූජෝත්සවය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයමිපති මහත්මිය සහ ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් ඇතළු විශාල පිරිසක්ද සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි