මොරවැව ගුවන් හමුදා කදවුර සිය 45 වෙනි සංවත්සරය සමරයි
මොරවැව ගුවන් හමුදා කදවුර පසුගිය ජූලි මස 29  වන දින සිය 45 වන සංවත්සරය සමරනු ලැබුහ. සංවත්සරය සමරමින් කදවුරේ සියලූම නිළයන්ගේ සහභාගීත්වයෙන් ශ‍්‍රමදාන ව්‍යාපාරයක් මොරවැව ප‍්‍රාථමික වෛද්‍ය ප‍්‍රථිකාර ඒකකයේ හා ත‍්‍රීකුණාමලය සිංහල මධ්‍යමහා විද්‍යාලය මූලික කරගනිමින් ජූලි මස 26 හා 28 දිනයන්හිදී සිදු කරනු ලැබීය.

මේහා සමගාමීව ගෝමරන්කඩවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ වෛද්‍ය පාවුල් රොශාන් මහතා හා සේවකමණ්ඩලයේ දායකත්වයෙන් ජූලි මස 26 දින වකුගඩු පරීක්ෂාකිරීමේ වැඩසටහනක්ද  සියලු නිළයන්ගේ සහභාගිත්වයෙන් කදවුරු පරිශ‍්‍රයේදී පැවැත්විය.

සිය 45 වන සංවත්සරයට සමගාමීව සියලු නිළයන්ගේ සහභාගීත්වයෙන් ක‍්‍රිකට් තරගයක් ජූලි මස 29 දින සංවිධානය කරනු ලැබූ අතර කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සී ආර් ඩී ගුණවර්ධන මහතා මෙහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙන්  සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි