ගුවන් හමුදාධිපතිතුමන් නාලන්දා රණවිරු උපහාර උත්සවයට සහභාගී වෙයි
නාලන්ද විද්‍යාලීය රණවිරුවන් අණුස්මරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද නාලන්දා රණවිරු උපහාර උත්සවය 2018 අගොස්තු මස 02 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහභාගීත්වයෙන් නාලන්දා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර  සන්නද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

රට තුල නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වූ රණවිරුවන් අනුස්මරණය කිරීම හා සියලුුම රණවිරුවන්ට ආශිර්වාද කිරීමේ අදහසින් නාලන්දා විද්‍යාලීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේ 17 වන සැමරුම මෙවර පවත්වන ලදී. තවද මෙම උත්සවයට මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි