කම්පනයට ලක්වූ හා අසාධ්‍ය රෝගීන් ප‍්‍රවාහනය කිරීමේ වැඩසටහනක්
කම්පනයට ලක්වූ හා අසාධ්‍ය රෝගීන් ප‍්‍රවාහනය කිරීම සම්භන්ධයෙන් වෛද්‍ය කාර්ය මණ්ඩල දැන්වත් කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය මගින්  පැවැත්වූ අතර ඒ සදහා හදිසි ප‍්‍රථිකාර සම්භන්ද වෛද්‍ය වරුන් පිරිසක් එක්විය.

මෑත කාලයේදී රටෙහි සිදුවූ අනතුරු හා හදිසි ආපදාවන් හේතුකොට සිදු වීමට තිබූ ජීවිත හානි ප‍්‍රමානය අවම කර ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව දැක්වූ දායකත්වය අති මහත්ය. මෙවන් වැඩසටහන් තුලින් එම හැකියාවන් හා දක්ෂතාවන් තව තවත් වර්ධනකර ගැනීමට අවස්ථාව සැලසේ.

ශ‍්‍රී ලංකා ති‍්‍රවිධ හමුදා වෛද්‍ය විද්‍යාලය පිහිටුවීටමන් පසු රටේ විවිධ ආපදාවන්ට ලක්වූ ප‍්‍රදේශයන් වෙත ලගාවී යුධ, නාවික හා ගුවන් හමුදාවන් බේරාගන්නා ලද අසාධ්‍ය රෝගීන් හට අවශ ප‍්‍රථිකාර කිරීම් හා රෝහල් සදහා ප‍්‍රවාහනය කිරීමේ වගකීම ඔවුන් වෙත පැවරී ඇත.

ති‍්‍රවිධ හමුදා වෛද්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවූ මෙම වැඩසටහන පසුගිය අගෝස්තුමස 10 වන දින පැවැත් විය. නිර්වින්දන වෛද්‍ය විද්‍යාලයේ මෙහෙය වීමෙන් පැවති මෙම වැඩමුළුවේදි රෝගීන් ප‍්‍රවාහනය හා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ද සියළුම අංශයන් සම්භන්ධයෙන් දේශන පවත්වන ලදී.

ති‍්‍රවිධ හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එල් ආර්  ජයවීර මහතා නිර්වින්දන වෛද්‍ය විද්‍යාලයේ  විශේෂඥ වෛද්‍ය වරුන් 5 දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් හා ති‍්‍රවිධ හමුදා වෛද්‍ය වරුන් 40ක පමණ පිරිසක් මෙම වැඩසටහන සදහා එක් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි