ආරක්ෂක සේවා මල්ලවපොර ශූරතාවලිය 2018
12:10pm on Monday 20th August 2018
ආරක්ෂක සේවා මල්ලවපොර ශූරතාවලිය 2018 ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර ක‍්‍රීඩා සංකිර්ණයේදි 2018 අගෝස්තු මස 10 වන දින සිට 2018 අගෝස්තු මස 13 වන දින දක්වා පැවැත්වු අතර ශී‍්‍ර  ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක‍්‍රීඩිකාවන් අඛණ්ඩව තුන්වන වරටත් ශුරතාවය දිනාගත් අතර ශී‍්‍ර  ලංකා ගුවන් හමුදා පිරිමි මල්ලවපොර ක‍්‍රීඩකයින් අනුශූරතාව දිනාගන්නා ලදි.

ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක‍්‍රීඩිකාවන් රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 7 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගත් අතර නායක ගුවන් කාන්තා  කරුණානී එචිඒඑන් දක්ෂතම මල්ලවපොර ක‍්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීය.

ගුවන් හමුදා මල්ලවපොර ක‍්‍රීඩකයින් රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගත් අතර දක්ෂතම මල්ලවපොර ක‍්‍රිඩකයා ලෙස නායක ගුවන් භට විජේසුරිය ඩබිඑමිඑමි  සම්මානයෙන් පිදුම් ලැබීය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි