ගුවන් ඉංජිනේරු සහයක පක්ෂාංගය සිය 9 වැනි සංවත්සරය සමරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන මුලික කදවුරේ ස්ථාපිත කර ඇති ගුවන් ඉංජිනේරු සහයක පක්ෂාංගය සිය 9 වැනි සංවත්සරය ගෲප් කැප්ටන් එස් විතාරණ නිලධරිතුමන්ගේ මගපෙන්විමෙන් 2018 අගෝස්තු මස 13 වන දින සමරනු ලැබිය.

මෙම දිනය නිමිත්තෙන් රත්මලාන  සුබෝධි සුභසාධක මධ්‍යස්ථානයේ ශ‍්‍රමදාන වැඩසටහනක් සංවිධානය කරන ලද අතර සේවා පුද්ගලයින්ගේ  සහභාගිත්වයෙන් එම මධ්‍යස්ථානයේ වැඩිහිටියන් හට වෛද්‍ය  උපකරණ හා වියළි සලාක බෙදා දෙන ලදි.

සේවා පුද්ගලයන්  අතර එකමුතුකම වර්ධනය කිරීම සදහා  සුහද  ක‍්‍රීකටි තරඟයක් සංවිධානය කරන ලද අතර අණදෙන නිළධාරීතුමන්, නිලධාරින් සහ සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්විණ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි