2018 ආරක්ෂක සේවා පැසිපන්දු ශූරතාවය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම දිනාගනී
12:20pm on Monday 20th August 2018
ආරක්ෂක සේවා පැසිපන්දු ශූරතාවලියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා බාස්කට්බෝල් කණ්ඩායම 43- 30 ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදා කාන්තා බාස්කට්බෝල් කණ්ඩායම පරාජය කිරිමට සමත් විය.  අවසන් තරගය 2018 අගෝස්තු මස 14 වන දින වැලිසර එළිමහන් පැසිපන්දු පිටියේ දී පැවැත්විණ.

ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී රියර් අද්මිරාල් පියල් ද සිල්වා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු සභාපති එයාර් වයිස් මාර්ෂල් පීඩීකේටි ජයසිංහ, ගුවන් හමුදා ක‍්‍රීඩා අධයක්ෂක එයාර් කොමඩෝර් අයිකේ වීරරත්න, ශ‍්‍රි ලංකා යුද හමුදාවේ   සහ ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ජේෂ්ඨ නිළධාරීන් ද මෙම අවස්තාවට  සහභාගි විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි