අන්තර් ඒකක පිහිනුම් සහ ජල පන්දු තරඟාවළිය 2018
11:03am on Tuesday 21st August 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 2018 අන්තර් ඒකක පිහිනුම් සහ ජලපන්දු ක‍්‍රිඩා තරඟාවළිය 2018 අගෝස්තු මස 17 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය.

2018 අගෝස්තු මස 14 වන දින සිට 17 වන දින දක්වා පැවති මෙවර තරඟාවළිය සඳහා සියළුම ගුවන් හමුදා කඳවුරු, ඒකකයන් නියෝජනය කරමින් ගුවන් භට ගුවන් කාන්තාවන් 200 කට අධික ප‍්‍රමාණයක් සහභාගී වූහ.

චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මෙවර තරඟාවළියේ පිහිනුම් ශූරතාවයට හිමිකම් කියන ලද අතර අනුරාධපුර ගුවන් හමුදා කඳවුර සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානයන් හිමිකරගන්නා ලදී.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුර සහ චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය පිළිවෙලින් පිරිමි සහ කාන්තා ජලපන්දු හුරතාවය දිනාගන්නා ලදී.

ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් කේඒඑල් රණතුංග ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි