ගුවන් හමුදාව, නාවික හමුදාව ශූරතාවයේ අභිශේකයෙන් ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය නිමාවට පත් විය
ඊයේ(01) දින ගුවන් හමුදාව සහ නාව්ක හමුදාව සම ශූරතාව ලබමින් ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ නිමාව සනිටුහන් විය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අති උත්කර්ෂවත්ව සංවිධානය කල අවසන් ජය සංකේත ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීවු අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ප්‍රධාන අමුත්තා මහත් හරසරින් පිළිගෙන උත්සව භුමියට කැඳවාගෙන එන ලදී. 

ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනීය පිරිස විසින් සම්ප්‍රධායානුකූලව පොල්තෙල් පහණ දැල්වීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා සංස්කෘතික කණ්ඩායම් නියෝජනයෙන් ඉදිරිපත්කල මනස්කාන්ත රංගනයකින් උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. මෙම සමාප්ත උළෙල නැරබීම සඳහා ත්‍රිවිද හමුදාවේ විශාල පිරිසක් සහභාගී වු අතර කලා කරුවන් සහ ත්‍රිව්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම් සහ සංගීත කණ්ඩායම් වලින් උත්සවය අලංකාර විය.

තරගාවලියේ ශූරතාවය ලබා ගත් ගුවන් හමුදාව රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 06ක් ඇතුළුව පදක්කම් 28ක් ලබා ගත් අතර නාවික හමුදාව රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 5ක් ලබා ගැනීමට සමත් විය.

ත්‍රිවිධ හමුදාවේම විශිෂ්ඨ ක්‍රීඩා තරු සඳහා අභියෝගතා කුසලානයන් ප්‍රධානය කල අතර,  වෙඩි තැබීම සහ රගර් ක්‍රීඩාව සඳහා දැක්වු දක්ෂතාවයන් වෙනුවෙන් නාවික හමුදාවේ උප ලුතිනන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ වෙතින් අභියෝගතා කුසලානය ලබා ගන්නා ලදී.

යුධ හමුදාවේ කෝප්‍රල් දිල් රුක්ෂි මලල ක්‍රීඩාව වෙනුවෙන් දැක්වු දක්ෂතාවන් වෙනුවෙන් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය වෙතින් අභියෝගතා කුසලානය ලබා ගත් අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපති එයාර් චිෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් ගුවන් හමුදාවේ තාරක අබේකෝන් වෙත  අභියෝගතා පිරිනැමූ අතර ඔහු ගුවන් හමුදාව වෙනුවෙන් වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් විශිෂඨ දස්කම් දැක්වු ක්‍රීඩකයෙකි.

ගරු ආරක්ෂක ලේකම්තුමා විසින් තරගයේ සම ශූරතාවය ලැබු ගුවන් හා නාවික හමුදාවන් වෙනුවෙන් ශුරතාවය ප්‍රධානය කරන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක  අතින් ජයග්‍රාහී කණ්ඩායම් නායකයින් වෙනුවෙන් කුසලාන ප්‍රධානය කිරීම් පහත දැක්වේ.

මලල ක්‍රීඩා ( පිරිමි )
බලලත් නිළධාරී රුවන් ප්‍රදීප්(ගුවන් හමුදාව )

මලල ක්‍රීඩා ( කාන්තා )
සැරයන් ප්‍රමිලා (ගුවන් හමුදාව )

බැට්මින්ටන් (පිරිමි )
වින්ග් කමාන්ඩර් බෝධිසීල (ගුවන් හමුදාව )

බැට්මින්ටන් (කාන්තා )
සාමාන්‍ය කාන්තා නැවි ද සිල්වා ජී.එල්.එන් (නාවික හමුදාව )

බාස්කට් බෝල් ( පිරිමි )
ලුතිනන් බී.ඩී.එස් තිසේරා (නාවික හමුදාව )

බොක්සිං ( පිරිමි )
ගුවන් භට පට්ටිආරච්චි ( ගුවන් හමුදාව )

ක්‍රිකට්
ලාන්ස් කෝප්‍රල් ප්‍රසාද් (යුද හමුදාව )

පා පැදි
ලාන්ස් කෝප්‍රල් හරිස්චන්ද්‍ර (යුද හමුදාව ) 

හොකී
ලාන්ස් කෝප්‍රල්  ජයසුන්දර (යුද හමුදාව ) 

ජූඩෝ (පිරිමි )
බල නැවි  ප්‍රනාන්දු එම්. කේ. කේ

නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ අතින් ජයග්‍රාහී කණ්ඩායම් නායකයින් වෙනුවෙන් කුසලාන ප්‍රධානය කිරීම් පහත දැක්වේ. 

කබඩි ( පිරිමි )
ලාන්ස් කෝප්‍රල් බංඩාර ( යුද හමුදාව )

කබඩි ( කාන්තා )
බල නැවි චමිලා පී.පී (නාවික හමුදාව )

කරාටේ (පිරිමි )
සැරයන් චන්ද්‍රරත්න ( යුද හමුදාව )

කරාටේ (කාන්තා )
කෝප්‍රල් සෝමසිංහ ( ගුවන් හමුදාව )

දැල් පන්දු
කෝප්‍රල් දම්මිකා (ගුවන් හමුදාව )

රග්බි
සැරයන් සුසන්ත ( යුද හමුදාව )

පා පන්දු
නායක විදුලි කාර්මික  කුමාර (නාවික හමුදාව )

වෙඩි තැබීම ( පිරිමි )
උප ලුතිනන් ලෝෂිත රාජපක්ෂ ( නාවික හමුදාව )

වෙඩි තැබීම ( කාන්තා )
සැරයන් ප්‍රසාදිකා ( ගුවන් හමුදාව )

ස්කොශ් 
කෝප්‍රල් වීරසිංහ ( ගුවන් හමුදාව )
 

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය අතින් ජයග්‍රාහී කණ්ඩායම් නායකයින් වෙනුවෙන් කුසලාන ප්‍රධානය කිරීම් පහත දැක්වේ.

ටෙනිස් 
වින්ග් කමාන්ඩර් ටී.ඒ විමලරත්න (ගුවන් හමුදාව )

මේස පන්දු 
ගුවන් භට වල්ගම්පල (ගුවන් හමුදාව )

වොලි බෝල් (පිරිමි )
කෝප්‍රල් ජගත් ( ගුවන් හමුදාව )

වොලි බෝල් (කාන්තා )
කෝප්‍රල් සමරවීර ( ගුවන් හමුදාව )

බර ඉසිලීම 
ගුවන් භට පෙරේරා ( ගුවන් හමුදාව )

මල්ලව පොර
බල නැවි මිලාන් ( නාවික හමුදාව )

ජල පන්දු (පිරිමි )
සාමාන්‍ය නැවි ලසිත පෙරේරා ( නාවික හමුදාව )

ජල පන්දු (කාන්තා )
සාමාන්‍ය කාන්තා නැවි ධර්මදාස ( නාවික හමුදාව ) 

පිහිනුම් ( පිරිමි )
නායක ශාරීරික අභ්‍යාසක දමින්ද (නාවික හමුදාව )

පිහිනුම් (කාන්තා )
සාමාන්‍ය කාන්තා නැවි කදනාරච්චි ( නාවික හමුදාව )






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි