2018 ගුවන් හමුදා වර්ණ රාත‍්‍රියේදී ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් සම්මාන ලබයි
10:06am on Monday 3rd September 2018
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා වර්ණ සම්මාන රාත‍්‍රිය 2018 අති උත්කර්ෂවත් අන්දමින් 2018 අගෝස්තු මස 28 වන දින ගුවන් හමුදා රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

විවිධ ක‍්‍රීඩා ඉසව් තුලින් කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ගුවන් හමුදාවට ගෞරවයක් සහ කීර්තියක් අත්කර දුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරමින් ඔවුන් හට උපහාර පිදීම සදහා ගුවන් හමුදා ක‍්‍රිඩා වර්ණ රාත‍්‍රිය සංවිධානය කරනු ලබයි.

මෙහිදී වාර්ෂිකව පිරිනැමෙන දක්ෂතම ක‍්‍රීඩකයාට හිමි ගෲප් කැප්ටන් රොජර් වීරසිංහ අනුස්මරණ කුසලානය 2016 වර්ෂය සදහා නායක ගුවන් භට ධර්මවර්ධන ආර්සීඑම් හට ජූඩෝ ක‍්‍රිඩාව වෙනුවෙන් ද 2017 වර්ෂය සදහා සැරයන් සිල්වා පීජේඑම්ජේ හට පාපැදි ක‍්‍රිඩාව වෙනුවෙන්ද ප‍්‍රදානය කරන ලදී.

එසේම මෙහිදී 2016 වසර සඳහා නායක ගුවන් කාන්තා ප‍්‍රසාදිනී ජේඑච්ඩී හට වොලිබෝල් ක‍්‍රිඩාව වෙනුවෙන්ද, 2017 වසර සඳහා කෝප‍්‍රල් නිමාලි ඩබ් කේ එල් ඒ හට මලල ක‍්‍රිඩාව වෙනුවෙන්් දක්‍ෂතම ක‍්‍රීඩිකාවට හිමි ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ප‍්‍රියා අබේවීරගුණවර්ධන අනුස්මරණ කුසලානය ප‍්‍රදානය කරන ලදී.

ක‍්‍රීඩා අතින් කැපී පෙනෙන දස්කම් දැක්වූ කඳවුර වෙනුවෙන් පිරිනමන වර්නන් රාජපක්‍ෂ කුසලානය පිළිවෙලින් 2016 සහ 2017 වර්ෂයන් සඳහා ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සහ ගුවන් හමුදා කොළඹ කදවුර වෙත පිරිනමන ලදී.

වසරේ වඩාත් කැපී පෙනෙන ක‍්‍රීඩා කණ්ඩායම සඳහා පිරිනැමෙන ගුවන් හමුදා කි‍්‍රඩා සම්මේලන සභාපති කුසලානය 2016 වර්ෂය සඳහා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම සහ ගුවන් හමුදා පිරිමි පාපැදි කණ්ඩායම හට පිරිනමන ලද අතර 2017 වර්ෂය සදහා එම කුසලානය ගුවන් හමුදා කාන්තා මළල ක‍්‍රීඩා කණ්ඩායම සහ ගුවන් හමුදා පිරිමි පැසිපන්දු කණ්ඩායම හට පිරිනමන ලදී.

වසරේ වඩාත් කැපී පෙනෙන ක‍්‍රීඩා පෞරුෂයට හිමි කුසලානය 2016 වර්ෂය සදහා බළලත් නිළධාරී එස්එම්ඩී රුවන් කුමාර (පාපැදි කළමණාකරු* හට සහ 2017 වර්ෂය සදහා ප‍්‍රධාන බළලත් නිළධාරී ජීඒපීඑන් කරුණාතිලක (කබඩි කළමණාකරු* හට පිරිනමන ලදී.

විවිධ ක‍්‍රීඩා ඉසව් 33 ක් යටතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 374 දෙනෙකු වර්ණ සම්මානයන්ගේන් පිදුම් ලැබූ ගුවන් හමුදා ක‍්‍රිඩා වර්ණ රාත‍්‍රිය සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු රැුසක් එක්ව සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි