කොළඹ ගුවන් හමුදා කඳවුරු විවාහක නිවස්නයන්හි පදිංචි බළලත් නිළධාරී සහ සැරයන්වරුන් සිය පළමු සුහද හමුව පවත්වයි
කොළඹ ගුවන් හමුදා කඳවුරු විවාහක නිවස්නයන්හි පදිංචි බළලත් නිළධාරී සහ සැරයන්වරුන්ගේ වාර්ශික සුහද හමුව ගුවන්පුර විවාහක නිවස්න පරිශ‍්‍රයේදී 2018 සැප්තැම්බර් මස 15 වන දින පවත්වන ලදී.  ප‍්‍රථම වතාවට සංවිධානය කරන ලද සුහද හමුව සඳහා කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා සහ කොළඹ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී ප‍්‍රියංවදා ගුණවර්ධන මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී විය.

ගුවන්පූර විවාහක නිවස්නයන්හි පදිංචි බළලත් නිළධාරී සහ සැරයන්වරුන්ගේ පවුල් අතර අන්‍යොන්‍ය සහයෝගීතාවය වර්ධනය කරලනු වස් මෙම සුහද හමුව සංවිධානය කරන ලදී. එහිදී දරු දැරියන් සඳහා විවිධ ක‍්‍රීඩා හා විනෝදාත්මක අංගයන් රැුසක් පවත්වන ලද අතර සහභාගී වූ සියළු දෙනාටම වටිනා ත්‍යාගයන් පිරිනමන ලදී.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි