බංගලාදේශ ජාතික ආරකෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් පසුගිය 2018 සැප්තැම්බර් මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
රියර් අද්මිරාල් එම් අන්වරුල් ඉස්ලාම් මහතා මෙම නියෝජිත පිරිසේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලද අතර මෙම සංචාරය ඔවුන්ගේ පාඨමාලාවේ විදේශ අධ්‍යයන චාරිකාව වෙයි.
මෙහිදී නියෝජිත පිරිසේ ප‍්‍රධානී රියර් අද්මිරාල් එම් අන්වරුල් ඉස්ලාම් මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවූ අතර එම හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදී.
මෙහිදී ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂකයේ මාණ්ඩලික නිළධාරී 1 ගෲප් කැප්ටන් තුෂාර වීරරත්න විසින් ගුවන් හමුදා ඉතිහාසය, සංවිධානය, ගුවන් බලයේ විකාශනය සහ ගුවන් හමුදාවේ ඉදිරි දැක්ම පිළිබඳව දේශනයක් ඉදිරිපත් කරන ලදී. ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් මොහාන් ද සොයිසා, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජිකයින් සහ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.