අන්තර් ඒකක පාපැදි ශූරතාවය 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපැදි තරඟාවළිය 2018 සැප්තැම්බර් මස 28 වන දින  කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වව්නියාව මූලික කදවුරු කණ්ඩායම  පිරිමි ශූරතාවය දිනා ගනු ලැබූ අතර අනුරාධපුර ගුවන් හමුදා කදවුර කාන්තා ශූරතාවය දිනා ගන්නා ලදි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක රෙජිමේන්තු පක්ෂාංගය හා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන්ට හිමිකම් කියන ලදී.

ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක සහ ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර නිළධාරීන් සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි