පළමු ශ‍්‍රී ලංකා ගොට් ටැලන්ට් රියැලිටි වැඩසටහනේ ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායමට
පළමු වතාවට පවත්වන ලද ශ‍්‍රී ලංකා ගොට් ටැලන්ට් රියැලිටි වැඩසටහනේ ජයග‍්‍රහණය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම පසුගිය 2018 සැප්තැම්බර් මස 30 වන දින සමත් කම් දක්වන ලදී. අවසන් මහා තරඟය රත්මලාන ස්ටේන් ස්ටුඩියෝහිදී පවත්වන ලදී. ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායමේ නායකත්වය අජන්ත මහන්තාරච්චි විසින් හොබවන ලද අතර තරඟාවළියේ පළමු වටයේදී ටීඑම් ඩිල්ෂාන් මහතා විසින් ස්වර්ණමය අවස්ථාවක් ලබා දෙමින් තරඟාවළියේ සජීවී වේදිකාව වෙත ඍජුවම යාමට අවස්ථාවක් ලබාදෙන ලදී.

අවසන් තරඟ සඳහා තරඟකරුවන් තරඟකාරියන් හය දෙනෙකු සහභාගී වූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම ඒ සියල්ල අභිබවා පළමු ශ‍්‍රී ලංකා ගොට් ටැලන්ට් කිරුළට හිමි කම් කියන්නට සමත්කම් දක්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා අංගම්පොර සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් සීබී ලැබ්රෝයි, ගුවන් හමුදා නිළධාරීන් හා සෙසු නිළයන් රාශියක් අවසන් තරඟ නැරඹීමට සහභාගී වී සිටියහ.

ලොව ජනප‍්‍රිය නිශ්පාදකවරයෙකු වන සයිමන් කොවෙල් විසින් නිර්මාණය කරන ලද ”ගොට් ටැලන්ට්” රියැලිටි වැඩසටහන සිරස ටීවී ආයතනය මගින් ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කරන ලදී. ගිනස් ලෝක වාර්තා අනුව ලොව වඩාත් ජනප‍්‍රිය රූපවාහිනී රියැලිටි වැඩසටහන ලෙස ”ගොට් ටැලන්ට්” ආකෘතිය පිළිගනු ලබන අතර ලොව පුරා රටවල් 65 කට වැඩි ගණනක විකාශය වේ. මෙම ගෝලීය අත්දැකීම ශ‍්‍රී ලාංකික දක්‍ෂයින් හට ජාත්‍යන්තර අවකාශයේ නව මංපෙත් විවර කරනු ලබයි.



Play Video : https://youtu.be/Nl6VviW2Ap4?t=2h14m
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි