කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල් පරිශ‍්‍රයේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසයක්
වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල් පරිශ‍්‍රයේ  පසුගිය 2018 සැප්තැම්බර් මස 28 වන දින පවත්වන ලද ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසය සඳහා ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකය සිය දායකත්වය ලබාදෙන ලදී.

කොළඹ කදවුරුගිනි නිවීමේ ඒකකයේ ප‍්‍රධානී ස්කොඩ්රන් ලීඩර් ආර්එන් ඩී  සේනාධීර ඇතුළු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ භටයින් මෙම ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසය සඳහා සහභාගී වූහග ගුවන් හමුදා ප‍්‍රධාන ගිනි නිලධාරී ස්කොඩ්රන් ලීඩර් සීපී හෙට්ටිආරච්චිගේ අධීක්‍ෂණය යටතේ මෙම අභ්‍යාසය පවත්වන ලදී.

මෙහිදී ගුවන් හමුදා ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ භටයින් විවිධ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ අභ්‍යාසයන් රැසක් ඉදිරිපත් කරන ලදී. එහිදී කඹ ආධාරයෙන් තුවාල කරුවන් හා උස් ගොඩනැගිලිවල සිරවූ පුද්ගලයින් බේරා ගැනීමල ගිලන් ඇඳක් ආධාරයෙන් තුවාලකරුවන් පහළට ගෙන ඒම ආදී විවිධ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ක‍්‍රම නිරූපණයන් ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාව සදහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල් ගිනි නිවීම් භාර නිළධාරී ස්කොඩ්රන් ලීඩර් කේ එම් පී එල් පටබැදිගේ මහතාද එක්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි