පාලවිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පාලවිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2018 ඔක්තෝම්බර් මස 08 දින සිදුකරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජීඑස්එන් ප‍්‍රියදර්ශන විසින්  උත්තමාචාර පෙලපාලියක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් කදවුර වෙත පිළිගන්නා ලදී.

මෙහිදී පසුගිය වර්ෂය තුළ කඳවුර වෙනුවෙන් කළ විශිෂ්ඨ සේවාව අගයමින් සැරයන් බණ්ඩාර එස් ඒ එල් ආර්  (මෙහෙයුම් භූමි)  ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙහිදී ගුවන් හමුදාධිපති තුමන් විසින් කදවුරේ සියළු නිළයන් හා එක්ව  දිවා භෝජන සංග‍්‍රහයකටද සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි