බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය පසුගිය ඔක්තෝම්බර් මස 08 වන දින සිදුකරන ලදී.
කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් එන් ප‍්‍රනාන්දුපුල්ලේ විසින් මාර්ග පෙළ ඛණ්ඩ ගුවන් හමුදාධිපති උත්තමාචාර මධ්‍යයේ ගුවන් හමුදාධිපතිතුමන් කඳවුර වෙත පිළිගන්නා ලදී.
ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම අංශයන් සිය නිරීක්‍ෂණයට භාජනය කරන ලද අතර පරීක්‍ෂණය අතරතුරදී කඳවුරේ අළුතින් ඉදිකරන ලද භෝජන ශාලාව හා කෝප‍්‍රල් වරුන්ගේ සමාජ ශාලාවේ නව බිලියට් ක‍්‍රීඩා කාමරයක් ගුවන් හමුදාධීපතිතුමන් විසින් විවෘත කරන ලදී.
කෝප‍්‍රල් කුමාරසිංහ කේ එස් (පෑස්සුම් කරු) කෝප‍්‍රල් ආරියපාල ඩබ්ලිව් ඩී එස් එම් (සෞඛ්‍ය පරීක්ෂක) හට ඔවුන් දක්වන ලද විශිෂ්ට දක්ෂතාවයන් හේතුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය.
පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිළධාරීන්ල සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතන ලදී. මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධිය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් සුභ පැතීමද ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.