ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරනු ලබන වෛද්‍ය සායනයක් ශි‍්‍ර දළදා මාලිගාවේදී
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති  එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සෞඛ්ය සේවා අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) එල්ආර් ජයවීර මහතාගේ හා දන්ත වෛද්‍ය ඒකකයේ අණදෙන නිළධාරී එයා කොමඩෝර් (වෛද්‍ය) ඩබ්ලිව් කේ වීරසේකර මහතාගේ අධීක්ෂනය යටතේ  වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සායනය දෙවන වරටත් 2018 ඔක්තොම්බර් මස 11 වන දින මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේදී පැවැත්විණ. මේ සදහා මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 07ක්, වෛද්‍යවරුන් 16 හා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 147 දෙනකු  එක් විය. මෙමගින් භික්ෂූන් වහන්සේලා 156 නමක් හා සිවිල් පුද්ගලයන් 406 දෙනෙකු සදහා ප‍්‍රථිකාර සිදුකරණ ලදී.

තවද  කොළඹ ගුවන් හමුදා රෝහලේ අණදෙන නිළධාරී ගෘෘප් කපිතාන් (වෛද්‍ය)  පීඒඩබ්ලිව් පද්මපෙරුම මහතා සහ දන්ත වෛද්‍ය ඒකකයේ  ෙජ්ෂ්ඨ මාණ්ඩලික නිලධාරී ගෘෘප් කපිතාන්  (වෛද්‍ය) ජී  පී දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී. මෙමගින් නොමිලේ පවත්වනු ලැබූ වෛද්‍ය පර්යේෂණ, බෙහෙත් ද‍්‍රව්‍ය, ඇස් පරීක්ෂාකිරීම්, ඇස් කණ්නාඩි ලබාදීම, ඊ සී ජී පරීක්ෂා කිරීම, දන්ත සායන ඇතුළු පහසුකම් රැසක් සලසා දී තිබුණි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි