දියතලාව සටන් පුහුණු පාසල සිය 66 වන සංවත්සරය සමරයි
දියතලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල සිය 66 වන සංවත්සරය වර්තමාන අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ඩබ්පීඩී ප‍්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම මත කඳවුරේ නිළධාරීන් සෙසු නිළන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 2018 ඔක්තෝම්බර් මස 15 වන දින සමරන ලදී. සංවත්සර දින පෙළපාලියකින් සංවත්සර දින සැමරුම ආරම්භ කරන ලද අතර පෙළපාලිය අවසානයේ අණදෙන නිළධාරීතුමන් සියළු නිළයන් අමතන ලදී.

සංවත්සර දිනයට සමගාමීවදියතලාවආයුර්වේද රෝහලේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සහ දියතලාව තැපැල් කාර්යාලය හා බණ්ඩාරවෙල වැඩිහිටි නිවාසය තීන්ත ආලේප කිරීම පිළිවෙලින් 2018 ඔක්තෝම්බර් මස 11 සහ 12 යන දිනයන්හිදී සිදු කරන ලදී.

සංවත්සර දින සැමරුමට විවිධ ක‍්‍රීඩා තරඟ කිහිපයක්ද ඇතුළත් වූ අතර සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයකින් සංවත්සර දින සැමරුම අවසන් කෙරිණි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි