2018 අන්තර් ඒකක දඅල්පන්දු ශූරතාවය චීන වරාය විද්‍යාපීඨය දිනයි
7:24pm on Friday 19th October 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර ලකුණු 28-16 කින් පරාජයට පත්කරමින් චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය 2018 අන්තර් ඒකක දැල්පන්දු ශූරතාවය දිනා ගැනීමට ඊයේ (2018 ඔක්තෝම්බර් මස 18 වන* දින සමත් විය. තරඟාවළිය කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

චීනවරාය විධ්‍යාපීඨයේ කාන්තා කැඩෙට් නිළධාරිනී සසන්ති එස්ඒඑන් දක්‍ෂතම පන්දු විදින්නිය ලෙස සම්මාන දිනා ගනු ලැබූ අතර දක්‍සතම ආරක්‍ෂක ක‍්‍රීඩිකාව වශයෙන් කොළඹ ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් කාන්තා අලංකාරි කේකේඩීවී සම්මාන දිනා ගන්නා ලදී. දක්‍සතම පිටිය මැද කී‍්‍රඩිකාව වශයෙන් චීනවරාය විද්‍යාපීඨයේ කාන්තා කැඩෙට් නිළධාරිනී ගජනායක එච්ජීජීපී සම්මාන දිනා ගත්තාය.

2018 අන්තර් ඒකක දැල්පන්දු තරඟාවළියේ දැල්පන්දු රැුජිණ ලෙස චීනවරාය විද්‍යාපීඨයේ කාන්තා කැඩෙට් නිළධාරිනී හේවගේ එස්වීඑබ් කිරුළු පැළඳුවාය.

ශ‍්‍රී ලංකා ගුවන් හුමදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනා්මා ජයම්පති මහත්මිය ප‍්‍රදාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූවාය. ගුවන් හමුදා දැල්පන්දු සංචි සභාපතිනී ගෲප් කැප්ටන් සුරේඛා ඩයස්, නිළධාරීන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි